යකඩ ඇණ ඇනුනාම
රත් කල කොහොඹ තෙල් බිංදුවක් තුවාලයට දමන්න.
ඇණය ඇනුන විගසම පලමු ප්රතිකාරය මෙයයි.
Filed under වෙද හෙදකම් | Comment (0)උණට
වේලිච්ච ඉඟුරු
කොත්ත මල්ලි
පත්පාඩගම්
තිප්පිලි මුල්
කලං 3 බැගින් වතුර 8 / 1 ට සිඳ පෙරා පත 1/2 බැගින් සහිඳ ලුණු දමා බොන්න.
ඊටම
වෙනිවැල් ගැට
කොත්තමල්ලි
පත්පාඩගම්
කලං 4 බැගින් ගෙන 8 / 1 ට සිඳ සීනි දමා පත් 1/2 බැගින් උදේ හවස බොන්න.
Filed under වෙද හෙදකම් | Comment (0)ලේ යන අර්ශස් වලට
මේරූ කොහිල අල කෑල්ලක් ගෙන සෝදා පෙති ගසා දින 2 ක් පවනේ වේලා, පොල් පැණි බෝතල් 1/2 ක් ගෙන වලඳක දමා උනු කර කොහිල එයට දමා තම්බා පසු දින සිට උදේ හවස කෑමට ගන්න.
ඊටම
ඉරිවේරිය දළු
කොහිල දළු
රතු ළූනු
කරල් හැබ දළු කොටා වතුර දමා තම්බා පෙරා උදේ හවස පත බැගින් බොන්න.
හීංබෝමියා කැඳ උයා බොන්න.
කොහිල කැඳ උයා බොන්න.
මඩු දළු, කොහිල දළු, කූර දළු, ඕලු දළු උයා කෑම ගුණයි.
Filed under වෙද හෙදකම් | Comment (0)ඇසේ උල් වැනි දෙයක් වැදී තුවාල වූ විට
උල්වැරනිය දළු
අමු කහ
රතු ළූනු
එක පමණට ගෙන අඹරා රෙදි කෑල්ලක දමා ඇසට මිරිකන්න.
Filed under වෙද හෙදකම් | Comment (0)මුත්රා දැවිල්ල හා වේදනා ඇති විට [ විරේකයක් ]
නීර මුල්ලිය, පොල්පලා, ගොකටු එක පමණ ගෙන තම්බා පෙරා සීනි දමා උදේට බොන්න. දින 3 ක් සෑහේ.
Filed under වෙද හෙදකම් | Comment (0)ඇස් වලින් කඳුළු ගලනවාට
ගොටු කොළ රතු ළූනු කොටා මිරිකා රෙදි කඩකින් පෙරා උදේට ඇසට දමන්න.
Filed under වෙද හෙදකම් | Comment (0)නාසයෙන් ලේ යනවාට
සමන් පිච්ච කොළ කොටා මිරිකා ඉස්ම් බිංදු 10 කට මව් කිරි එපමණම මිශ්ර කර නස්න කරන්න.
දෙළුම් මල් පොහොට්ටු මව් කිරෙන් අඹරා මිරිකා නස්න කරන්න.
Filed under වෙද හෙදකම් | Comment (0)ඉරුව රුදාවට
කළු උක් පැණි
හොඳ තල තෙල්
තේ හැඳි 1 බැගින් ගෙන කලවම් කර උදේ 7 ට පෙර නස්න කරන්න.
ඊටම
එල කටුරොඩු දළු කීපයක් කොටා රෙදි කෑල්ලක දමා මිරිකා ඉස්මට තල තෙල් එපමණම දමා නස්න කරන්න.
Filed under වෙද හෙදකම් | Comment (0)පොල් කීරි ඉරටු ආදී විෂ කටු ඇනුනාම
පොල් හකුරු
ලුනු
අමු කහ
කොටා රත් කර බඳින්න.
කරඳ දළු සහ මල් පොල් කිරෙන් තම්බා අඹරා බඳින්න.
Filed under වෙද හෙදකම් | Comment (0)මුත්රා දෝෂයට
පොල් පලා හෝ රණවරා කිතුල් හකුරු සමඟ බොන්න.
Filed under වෙද හෙදකම් | Comment (0)