අරක්කු මතට
හිඟුරු පියලි කොටා මිරිකා දෙහි ඇඹුල් සමඟ පොවන්න.
හිස මුදුනට දෙහි ඇඹුල් දමන්න.
Filed under වෙද හෙදකම් | Comment (0)කුණ කටු විෂට
දෙහි කොළ, පොතු කහ, ලුණු , දමා මලවා බඳින්න.
Filed under වෙද හෙදකම් | Comment (0)නාග විෂට නස්න කරන්න
තෙබු දන්ඩක් පලා රතු ළූනු දමා උණු අළුවෙන් තම්බා මිරිකා නස්න කරන්න.
Filed under වෙද හෙදකම් | Comment (0)නියඟලා විෂට
එළකිරි, තන කිරි, උක් පැණි, සීනි, ගිතෙල්, සමසේ ගෙන කකාරා දෙන්න.
හාතවාරිය අල ඉස්ම පොවන්න.
වෙරළු පොතු ඉස්ම පොවන්න.
Filed under වෙද හෙදකම් | Comment (0)සියලු විෂ සතුන් දෂ්ට කල විට තැබීමට
උඳුපියලි අමු කහ සමඟ අඹරා තියන්න.
නාබිරිත්තා මුලක් දෙහි ඇඹුලෙන් අඹරා තබන්න.
සත්සඳ මුල දෙහි ඇඹුලෙන් ගලගා තබන්න.
අහු දළු අමු කහ අඹරා තබන්න.
වරා කොළ නර මුත්රයෙන් අඹරා ගාන්න.
Filed under වෙද හෙදකම් | Comment (0)කූඩැල්ලන් කෑ විෂට
කහ වෙනිවැල්ගැට තන කිරෙන් ගලගා ගාන්න.
Filed under වෙද හෙදකම් | Comment (0)බළල් විෂට
කුප්පමේනියා මුල් මී පැණියෙන් අඹරා ගාන්න.
පිටවක්කා කොළ තන කිරෙන් අඹරා ගාන්න.
Filed under වෙද හෙදකම් | Comment (0)බල්ලන් කෑවාම
මුරුංගා දළු, හුණු සමඟ අඹරා ගාන්න.
කරවිල කොළ හුණු සමඟ අඹරා ගාන්න.
හබරල දන්ඩේ මද හුණු සමඟ අඹරා ගාන්න.
Filed under වෙද හෙදකම් | Comment (0)මී විෂට
කෑ මුඛය රත්තරන් රත් කර තබා පුච්චන්න.
රුක් අගුන පොතු නර මුත්රයෙන් අඹරා ගාන්න.
කොහොඹ පොතු ලුණු දියරෙන් ගලගා ගාන්න.
දිවුල් ගහේ පස් පංගුව කසාය තම්බා බොන්න.[හීනැටි හාල් කැඳ වලට දමා බොන්න.]
Filed under වෙද හෙදකම් | Comment (0)දෙඹර, බඹර, මී මැසි විෂට
දෂ්ඨ කල තැන විත ගලවා දමන්න.
උම්බලකඩ අඹරා රබ්බඩ පුවක් ලෙලි ඉස්මෙන් දිය කර ගාන්න.
ලුණු කුඩු තෙමා කෑ මුඛයේ ගාන්න.
රතු ළූනු ගෙඩියක් කපා අතුල්ලන්න.
යකි නාරං මුලක් දෙහි ඇඹුලෙන් ගලගා ගාන්න.
Filed under වෙද හෙදකම් | Comment (0)