කතන්දරයක්

එක්තරා කැලැ  ප්‍රදේශයක සියලුම සතුන් සතුටින් සමගියෙන් කාලය ගත කරමින් සිටියහ. එක් දිනක් කොටියෙක් අනෙක් සතුන්ට මෙහෙම කිව්වා. 'අපි මොකටද සිංහය අපේ රජු ලෙස හැමදාමත් තියා ගන්නෙ. අපි අපේම කෙනෙක් රජු ලෙස පත් කර ගනිමු.  එතකොට අපිට මීට වඩා හොදට ජීවත් වෙන්න පුලුවන්නෙ, කොටි වැඩි පිරිසක් ඒ අදහසට කැමති වුනා, ඊට පස්සෙ කොටි නායකයා සිංහ රජාට කිව්වා අපි ඉන්න මේ ප්‍රදේශය අපිට ඕන. සිංහ රජා මෙයට කැමති වුනේ නැහැ.කොටි නායකයා ඊට පස්සෙ තරුණ  බාල කොටින්, කොටි ධෙනුන්, යුද්ධයකට සූදානම් කළා.ඉතින් සිංහ රජාට අනෙක් සත්තු කිව්වා සිංහ පැටවුනුත් යුද්දෙට යවන්න කියා. එතකොට සිංහ රජා කිව්වා සිංහ පැටවුන්ට මේ කැලැව නැති වුනත් තව ඕන තරම් යන්න පුලුවන් තැන් තියෙනව. ඒක නිසා සිංහ පැටවුන් යුද්දෙට යවන්නෙ නැහැ. නමුත් මේ කැලැව රැක ගන්න ඕන නම් නුඹලාගේ තරුණ සතුන් යුද්දෙට යවන්න වෙනවා. ඉතින් අනෙක් සතුන්ටත් කරන්න දෙයක් නැති නිසා අකමැත්තෙන් වුවත්  කැමැත්තෙන් ඉදිරිපත් වෙන බව කියමින් යුද්දෙට ගියා. ඔහොම  සැහෙන කාලයක් දිගින්  දිගටම  යුද්ධ් කළා. කොටි පැටවුන් සැහෙන්න ප්‍රමාණයක් මරණයට පත් වුණා. අනෙක්  සතුන්ද සැහෙන්න ප්‍රමාණයක් මරණයට පත් වුණා. කොටිනායකයත් සිංහ රජුත්  රජ සැප විදිමින් කාලය ගත කළා. ටික කාලයක් ගත වෙන කොට යුද්දෙන් සිදු වුණු යහපතක් නැති බව කොටි පැටවුන්ටත්, අනෙක් සතුන්ටත් වැටහුණා,නායකයො  රජ සැප විදිමින් සිටින අතර යුද්දෙට ගිය අයට මරණයත්,ඒ අයගෙ පවුල් වල අයට දුක්ඛදෝමනස්සයත්, අසරණ බාවයත්  පමණක් ලැබුණු බව  දෙපැත්තෙම යුද්දෙ කල අයට වැටහුණා.ඊට  පස්සෙ දෙපැත්තෙම  යුද්දෙ කල අයට නායකයන් සමග දැඩි කෝපයක්  ඇති  වුණා.ඊට පස්සෙ කොටි පැටවුන්  එකතු වී කොටිනායකයා  නැති  කළා. අනෙක්  සතුන්  එකතු වී  සිංහ රජා  නැති  කළා. හැමෝම  කවදා හෝ මේ  හැම  දෙයක්ම  අත්  හැර  මරණයට  පත්  වෙන  නිසා,  කිසිම තේරුමක්  නැති  විදියට  භුමියකට  වටිනා ජීවිත  නැති කර ගන්නෙ නැතිව  ඉන්න ටික  දවසෙ  සතුටින්  සමගියන්  සිටිමු, කියා  හැමෝම  එක  හඩින් කියා  සිටියා.