ඇයි මෙහෙම වුනේ?

විශ්ව විද්‍යාල සිසුන් මෙතරම් කළහකාරී පිරිසක් වුනේ ඇයි? විශ්ව විද්‍යාලයන්හි ඉගෙනුම ලබන්නේ ඉහලම ලකුණු ලබා ගත් ළමයින්මද? දිස්ත්‍රික් මට්ටම් අනුව ගැනීමේ ක්‍රමය මත අඩු ලකුණු ගත් අයද විශ්ව විද්‍යාල වලට ඇතුලත් වෙයි.පහසුකම් අඩු නිසා දෙන මෙම වරප්‍රසාදය නිසාම දැන් කබලෙන් ලිපට වැටීමක් සිදු වී ඇත. පහසුකම් අඩු වූ විට මානසික පීඩනයටද ලක් වෙයි. මානසික පීඩනයට ලක් වූවන් ඉතාමත්ම පහසුවෙන් ඕනෑම දෙයකට හසු කර ගත හැකියි. වැඩි ලකුණු ලබා ගත් එහෙත් දිස්ත්‍රික් ක්‍රමය නිසා විශ්ව විද්‍යාලයන්ට ඇතුලත් වීමට නොහැකි වූවෝ පිට රට ගොස් එහි දී උසස් අධ්‍යාපනය ලබා පිටරට වලටම ඔවුන්ගේ දැනුම ලබා දෙති.එම රට වල ඵලදායීතාවයත් දියුණුවත් වැඩි කිරීමට ඔවුන් වැඩ කරති.අපේ රටේ බුද්ධිමතුන් පිට රැටියන් කෙසේ හෝ අයිති කර ගෙන ඔවුන්ගේ රටවල් දියුණු කර ගනී. එහෙත් අපේ රටේ අය කරන්නේ බුද්ධිමතුන් කපා හැරෙන විදියේ ඉතා බොළද ක්‍රම අනුගමනය කිරීමයි.
දැන්වත් නිවැරැදි වෙන්න. විශ්ව විද්‍යාල වලට බුද්ධිමතුන් ඇතුලත් කර ගන්න. හැගීම් වලට නොව බුද්ධියට තැන දෙන්න. බොළද ක්‍රම ඉවතට දමන්න කාලය ඇවිත්. ඉහලම ලකුණු ගන්න බුද්ධිමත් පිරිස ඇතුලත් කර ගන්න. ඔඩු දුවපු තුවාලයක් සුව කරන්න අමාරුයි. එහෙත් ඒ කොටස ඉවත් කර හෝ ඉතිරි කොටස ඔඩු දිවීමෙන් ගලවා ගන්න.නැත්නම් අකාලයේ මියැදේවී.