ප්‍රබලයන්ගේ නොහැකියාවෙන් පීඩනයට පත් වෙන්නන්

විශ්‍රාමිකයන්  මිය ගිය පසු ඔවුන්ගේ වැටුප  හොරෙන් ලබා ගත් අයගේ ප්‍රමාණය කොපමණද? මේ කතාව ඇත්තක්ද? එහෙම නැති නම් හිතා මතා සකස් කල දෙයක්ද? එක මකුණෙක් කෑවොත් ඔක්කොම මකුණො මරනවා වගේ දෙයක් දැන් සිදු වෙන්නේ. විශ්‍රාමිකයා ජීවතුන් අතර සිටිනවාද නැද්ද කියා සොයා බලන අපූරු ක්‍රමයක් දැන් ක්‍රියාත්මක වෙනවා. තැපෑලෙන් එන, ග්‍රාමසේවක නිලධාරි මගින් සහතික කරවා ගෙන, නැවත තැපෑලෙන්ම යන ජීවත් වීමේ සහතිකය. දුෂිත හොර වැඩ කරන්නන් වැලැක්වීමට මේ ක්‍රමයෙන් පුලුවන්ද?

විශ්‍රාමිකයාගේ ගිණුම් හිමි බැංකුවේ ඕනෑම ශාඛාවකින්, විශ්‍රාමිකයාම ගොස් ලබා ගන්නට තිබුනා නම්, තමන්ගේ වැඩ කටයුතු පසෙක දමා ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයට එනවාට වඩා පහසු නැද්ද? විශ්‍රාමිකයා මිය ගිය පසු, ඉතා කලාතුරකින් සිදු විය හැකි සිදු වීමක් මහා ලොකුවට පෙන්වමින්. විශ්‍රාමිකයන් අපහසුතාවයන්ට පත් කරවන්නේ නැතිව පහසු ක්‍රමයක් සකස් කල යුතුයි.