මරුවා කොහේද?

රිය අනතුරු බොහෝය. රිය අනතුරක් සිදු වූ පසු එය සිදු වූයේ කෙසේදැයි සොයති. ඒ පිළිබදව අනාවැකි ද පල කරති. රිය අනතුරු බොහෝ විට සිදු වන්නේ යැයි බොහෝ දෙනා සිතන්නේ, ඉතා වේගයෙන් රිය පැද වීම, බීමත්ව රිය පැදවීම, නිදි මතෙන් රිය පැදවීම, යනාදී වශයෙනි. සමහර විට අධික වෙහෙසකර ව සිට රිය පැදවීමද අනතුරු දායක වේ. රථයේ දෝෂද අනතුරු සදහා හේතු වෙයි. එහෙත් බොහෝ දෙනෙක් නොසිතන තවත් කරුණක් ඇත. මාර්ගයේ දෝෂ. වැසි දිනකදී සිදු වන මාර්ගයේ ලිස්සීම නොව , සැමදා පවතින මාර්ග සකස් කිරීමේදී ඇති දෝෂයි. ඉන්ජිනේරු පරික්ෂාවක් නොමැතිව කම්කරුවන් සහ කොන්ත්‍රාත්කරුවන් පමණක් විසින් සැදූ මාර්ගදැයි විටෙක සිතේ. ඉන්ජිනේරු උපදෙස් මත නිවැරදි වේග සීමාවන් රියැදුරන්ට ප්‍රදර්ශනය වන පරිදි තිබිය යුතුයි.දැන් රිය අනතුරක් සිදු වූ විට එයට බලපැ හේතුව මාර්ග සකස් කිරීමේදී සිදු වූ දෝෂයක්දැයි සොයා බැලිය යුතුයි.