වින් සහ විෂන්

බල්ලෙකුත් නොවන බල්ලෙකුගේ හැඩය ඇති හයිනා නම් සතා කැලාවේ රන්චු වශ යෙන් ජීවත් වන සත්ත්ව කාණ්ඩයකි. මී හරක් ද රන්චු වශයෙන් කැලෑවේ ජීවත් වෙති. හයිනා ශරීර ප්‍රමාණයෙන් කුඩා වුවද ඌට වඩා විශාල සතුන් දඩයම් කර ගැනීමට හපනෙකි. එහෙත් මී හරකුන්ගේ අන් වලට හයිනා යම් තරමක බියක් තිබුනද ඇතින් සිට තර්ජනය කරමින් පසු පසින් පන්නයි. තරහ ඇවිස්සුනු එක් මීහරෙකෙක් හයිනා පසු පස එළෙව්වොත් රන්චුව වශයෙන් එකමුතු වී මී හරකා කොටු කර ගනී. කොටු කර ගත් මී හරකා කෙසේ හෝ ආපහු බේරී ගියහොත් නැවත තමන්ගේ රන්චුව සමගින් කොයියම් මොහොතකදී හෝ හයිනාවෙක් තම අන් වලින් අමුණා ගෙන මරු මුවට පත් කරයි. මේ කැලෑ සතුන්ගේ ගතිගුණයි. මේ ගතිගුණ උසස් මනසක් ඇති මිනිසුන් තුලින් මතු වුවොත් ...........?