යකඩ ඇණ ඇනුනාම

January 15th, 2009

රත් කල කොහොඹ  තෙල් බිංදුවක් තුවාලයට දමන්න.

ඇණය ඇනුන විගසම පලමු  ප්‍රතිකාරය මෙයයි.

උණට

January 14th, 2009

වේලිච්ච ඉඟුරු

කොත්ත මල්ලි

පත්පාඩගම්

තිප්පිලි මුල්

කලං 3 බැගින් වතුර 8 / 1 ට සිඳ පෙරා පත 1/2 බැගින් සහිඳ ලුණු දමා බොන්න.

ඊටම

වෙනිවැල් ගැට

කොත්තමල්ලි

පත්පාඩගම්

කලං 4 බැගින් ගෙන 8 / 1 ට සිඳ සීනි දමා පත් 1/2 බැගින් උදේ හවස බොන්න.

ලේ යන අර්ශස් වලට

January 14th, 2009

මේරූ කොහිල අල කෑල්ලක් ගෙන සෝදා පෙති ගසා දින 2 ක් පවනේ වේලා, පොල් පැණි බෝතල් 1/2 ක් ගෙන වලඳක දමා උනු කර කොහිල එයට දමා තම්බා පසු දින සිට උදේ හවස කෑමට ගන්න.

ඊටම

ඉරිවේරිය දළු

කොහිල දළු

රතු ළූනු

කරල් හැබ දළු   කොටා වතුර දමා තම්බා පෙරා උදේ හවස පත බැගින් බොන්න.

හීංබෝමියා කැඳ උයා බොන්න.

කොහිල කැඳ උයා බොන්න.

මඩු දළු, කොහිල දළු, කූර දළු, ඕලු දළු උයා කෑම ගුණයි.

ඇසේ උල් වැනි දෙයක් වැදී තුවාල වූ විට

January 14th, 2009

උල්වැරනිය දළු

අමු කහ

රතු ළූනු

එක පමණට ගෙන අඹරා රෙදි කෑල්ලක දමා ඇසට මිරිකන්න.

මුත්‍රා දැවිල්ල හා වේදනා ඇති විට [ විරේකයක් ]

January 14th, 2009

නීර මුල්ලිය, පොල්පලා, ගොකටු එක පමණ ගෙන තම්බා පෙරා සීනි දමා උදේට බොන්න. දින 3 ක් සෑහේ.

ඇස් වලින් කඳුළු ගලනවාට

January 8th, 2009

ගොටු කොළ රතු ළූනු කොටා මිරිකා රෙදි කඩකින් පෙරා උදේට ඇසට දමන්න.

නාසයෙන් ලේ යනවාට

January 8th, 2009

සමන් පිච්ච කොළ කොටා මිරිකා ඉස්ම් බිංදු 10 කට මව් කිරි එපමණම මිශ්‍ර කර නස්න කරන්න.

දෙළුම් මල් පොහොට්ටු මව් කිරෙන් අඹරා මිරිකා නස්න කරන්න.

ඉරුව රුදාවට

January 8th, 2009

කළු උක් පැණි

හොඳ තල තෙල්

තේ හැඳි 1 බැගින් ගෙන කලවම් කර උදේ 7 ට පෙර නස්න කරන්න.

ඊටම

එල කටුරොඩු දළු කීපයක් කොටා රෙදි කෑල්ලක දමා මිරිකා ඉස්මට තල තෙල් එපමණම දමා නස්න කරන්න.

පොල් කීරි ඉරටු ආදී විෂ කටු ඇනුනාම

January 8th, 2009

පොල් හකුරු

ලුනු

අමු කහ

කොටා රත් කර බඳින්න.

කරඳ දළු සහ මල්  පොල් කිරෙන් තම්බා අඹරා බඳින්න.

මුත්‍රා දෝෂයට

January 8th, 2009

පොල් පලා හෝ රණවරා කිතුල් හකුරු සමඟ බොන්න.

  • වත ගොත...

    මගේ cyber අවකාශයේ ඉඩ

  • ඔබ සිටින්නේ...
    Courtesy MOHA Geo.
  • Blogroll
  • Admin