හිසේ කැක්කුමට

January 8th, 2009

සුදු හඳුන්

අමු ඉඟුරු

සුදු ළූනු

ඇල් දියෙන් ගලගා නලලේ ගාන්න. සුවවේ.

ඇස් තැලුනාට

January 8th, 2009

කොහොඹ දළු කහ ගොබ ටිකක් දමා කොටා පිරිසිදු රෙදි කෑල්ලක දමාඇහැට මිරිකන්න.

උදේ හවස – රත තිබෙන තුරු

අතීසාර රෝගයට

January 8th, 2009

අළු කෙසෙල් මුහයක් හීනට ලියා අළු කෙසෙල් දළුවක ඔතා උනු අලුවේ තම්බා  මිරිකා මී පැණි දමා දෙන්න. සුව වේ.

අදික ලෙස බඩ යාම නවත්වන්න

කොහිල අල කොටා මිරිකා ඉස්ම දෙන්න.

මුත්‍රා අඩස්සියට

January 8th, 2009

කුප්පමේනිය

වැල් පෙනෙල

රතු ළූනු

ඇල් දියෙන් අඹරා පෙකනිය මත පැලැස්තර දමා තැඹිලි වතුර බොන්න දෙන්න.

පෙනෙල කොළ කොටා වන්ඩුවේ තම්බා මිරිකා සහිඳ ලුනු දමා දෙන්න.

ඊටම;  තැඹිලි වතුර දෙන්න.

අත්තන විෂට

January 8th, 2009

මුං ඇට කැඳ උයා දෙන්න.

එළ කිරි පොවන්න.

බූමිතෙල් පැට්ට්‍රෝල් විෂට

January 8th, 2009

පොල් කිරි කහ මිශ්‍රව පොවන්න.

ලුනු දියර පතක් පමණ පොවන්න.

ගින්නෙන් දෑවාට

January 8th, 2009

හුණු වතුරට තල තෙල් දමා ගාන්න.

කංසා මතට

January 8th, 2009

පේර කොළ කොටා මිරිකා පොවන්න.

මඤ්ඤොක්කා මතට

January 8th, 2009

පොල් කිරි ලුනු සමඟ පොවන්න.

[ඉඟුරු විෂයි. කිසි විටෙක ඉඟුරු දෙන්න එපා.]

මන්ත්‍රය

January 8th, 2009

ඕං නමෝ අෂර්ප ෂර්ප නේරං නමඃ

මේ මංතරය පාඩම් ඇති අයට ජීවිතාන්තය දක්වා ෂර්පයෝ නොකත්. කනට ඇසුනු අයට දහ අවුරුද්දකට නොකති.

විෂ බැස්සීමට මංත්‍රය

ඕං නමෝ තකරීය මකරීය යමදූතිය කාළරාක්ෂීය සතර දලේ විෂ උගුලා එයින් පොලොවට බට පොලොවෙන් නා ලොවට බට නා ලොවෙන් නරකයට බට නරකයෙන් මකර කටට බට දා අළු බස්න කල හෙයින් තට විෂ නැතිය හඃ

දෙහි අත්තකින් පිස දමමින් මතුරනු. [ 21 වරක් ]

  • වත ගොත...

    මගේ cyber අවකාශයේ ඉඩ

  • ඔබ සිටින්නේ...
    Courtesy MOHA Geo.
  • Blogroll
  • Admin