අරක්කු මතට

January 8th, 2009

හිඟුරු පියලි කොටා මිරිකා දෙහි ඇඹුල් සමඟ පොවන්න.

හිස මුදුනට දෙහි ඇඹුල් දමන්න.

කුණ කටු විෂට

January 4th, 2009

දෙහි කොළ, පොතු කහ, ලුණු , දමා මලවා බඳින්න.

නාග විෂට නස්න කරන්න

January 4th, 2009

තෙබු දන්ඩක් පලා රතු ළූනු දමා උණු අළුවෙන් තම්බා මිරිකා නස්න කරන්න.

නියඟලා විෂට

January 4th, 2009

එළකිරි, තන කිරි, උක් පැණි, සීනි,  ගිතෙල්, සමසේ ගෙන කකාරා  දෙන්න.

හාතවාරිය  අල  ඉස්ම  පොවන්න.

වෙරළු පොතු ඉස්ම පොවන්න.

සියලු විෂ සතුන් දෂ්ට කල විට තැබීමට

January 4th, 2009

උඳුපියලි අමු කහ සමඟ අඹරා තියන්න.

නාබිරිත්තා මුලක් දෙහි ඇඹුලෙන් අඹරා තබන්න.

සත්සඳ මුල දෙහි ඇඹුලෙන් ගලගා තබන්න.

අහු දළු අමු කහ අඹරා තබන්න.

වරා කොළ නර මුත්‍රයෙන් අඹරා ගාන්න.

කූඩැල්ලන් කෑ විෂට

January 3rd, 2009

කහ වෙනිවැල්ගැට තන කිරෙන් ගලගා ගාන්න.

බළල් විෂට

January 3rd, 2009

කුප්පමේනියා මුල් මී පැණියෙන් අඹරා ගාන්න.

පිටවක්කා කොළ  තන කිරෙන් අඹරා ගාන්න.

බල්ලන් කෑවාම

January 3rd, 2009

මුරුංගා දළු, හුණු සමඟ අඹරා ගාන්න.

කරවිල කොළ හුණු  සමඟ අඹරා ගාන්න.

හබරල දන්ඩේ මද හුණු සමඟ අඹරා ගාන්න.

මී විෂට

January 3rd, 2009

කෑ මුඛය රත්තරන් රත් කර තබා පුච්චන්න.

රුක් අගුන පොතු නර මුත්‍රයෙන් අඹරා ගාන්න.

කොහොඹ පොතු ලුණු දියරෙන් ගලගා ගාන්න.

දිවුල් ගහේ පස් පංගුව කසාය තම්බා බොන්න.[හීනැටි හාල් කැඳ වලට දමා බොන්න.]

දෙඹර, බඹර, මී මැසි විෂට

January 3rd, 2009

දෂ්ඨ කල තැන විත ගලවා දමන්න.

උම්බලකඩ අඹරා රබ්බඩ පුවක් ලෙලි ඉස්මෙන් දිය කර ගාන්න.

ලුණු කුඩු තෙමා කෑ මුඛයේ ගාන්න.

රතු ළූනු ගෙඩියක් කපා අතුල්ලන්න.

යකි නාරං මුලක් දෙහි ඇඹුලෙන් ගලගා ගාන්න.

  • වත ගොත...

    මගේ cyber අවකාශයේ ඉඩ

  • ඔබ සිටින්නේ...
    Courtesy MOHA Geo.
  • Blogroll
  • Admin