ගෝනුස්සා විෂට

January 3rd, 2009

කුප්පමේනියා කොළ හුණු සමඟ අඹරා ගාන්න.

තෝර කොළ ලුණු දියරින් අඹරා ගාන්න.

එරබදු කොළ ලුණු දියර සමඟ කොටා මිරිකා ගාන්න.

පැණි තෝර මුලක් හපා කටේ තබා ගෙන කණට පිඹින්න.

ගරුඩාට විෂට

January 3rd, 2009

රුක් අත්තන මුලේ පොතු දෙහි ඇඹුලෙන් අඹරා ගාන්න.

අරළු, බුළු, නෙල්ලි දෙහි ඇඹුලෙන් ගලගා ගාන්න.

අමු කහ ලුණු දියරින් ගලගා ගාන්න.

සියඹලා බොර ගාන්න.

පත්තෑ විෂට

January 3rd, 2009

සුදු ළූනු ගෙඩියක් කපා කෑ මුඛයේ තදින් අතුල්ලන්න.

රත් මල්, රත් හඳුන් දෙහි ඇඹුලෙන් ගාන්න.

දත් මැලියම් හූරා තබන්න.

කුණ කටු විෂට

January 3rd, 2009

වල් ඉඟුරු, කහ, ලුණු දා මලවා බඳින්න.

නවසි කහකඩ කොටා මිරිකා පොවන්න.

යකි නාරං සහමුලින් ගෙන කොටා කහ ලුණු දමා මලවා බඳින්න.

වැල් කැප්පෙටියා  කොළ, පොතු, යකි නාරං කොළ, පොතු කොටා මිරිකා දෙහි ඇඹුල් දමා පොවන්න.

මා පිල් විෂට

January 3rd, 2009

පිටවක්කා පින්න කොළ දෙහි ඇඹුලෙන් අඹරා එම ඇඹුලෙන්ම පොවන්න.

කිරි අඟුන කොළ යුෂ ගිතෙල් සමඟ දෙන්න.

වල් හබරල කොළ හා පිති කොටා ඉස්ම පොවන්න.

අමු කහ කොටා කෑ මුඛයට තබන්න.

කරවැල් විෂට

January 3rd, 2009

කරපිංචා කොළ කැඳ උයා දෙන්න.

දෙහි කොළ, පොතු කහ ලුණු දා මලවා බඳින්න.

මදුරුතලා කරල්හැබ කොටා ඉස්මට දෙහි දමා බොන්න දෙන්න.

අළු කෙසෙල් බඩ ඉස්ම පොවන්න.

  • වත ගොත...

    මගේ cyber අවකාශයේ ඉඩ

  • ඔබ සිටින්නේ...
    Courtesy MOHA Geo.
  • Blogroll
  • Admin