ගෝනුස්සා විෂට
කුප්පමේනියා කොළ හුණු සමඟ අඹරා ගාන්න.
තෝර කොළ ලුණු දියරින් අඹරා ගාන්න.
එරබදු කොළ ලුණු දියර සමඟ කොටා මිරිකා ගාන්න.
පැණි තෝර මුලක් හපා කටේ තබා ගෙන කණට පිඹින්න.
Filed under වෙද හෙදකම් | Comment (0)ගරුඩාට විෂට
රුක් අත්තන මුලේ පොතු දෙහි ඇඹුලෙන් අඹරා ගාන්න.
අරළු, බුළු, නෙල්ලි දෙහි ඇඹුලෙන් ගලගා ගාන්න.
අමු කහ ලුණු දියරින් ගලගා ගාන්න.
සියඹලා බොර ගාන්න.
Filed under වෙද හෙදකම් | Comment (0)පත්තෑ විෂට
සුදු ළූනු ගෙඩියක් කපා කෑ මුඛයේ තදින් අතුල්ලන්න.
රත් මල්, රත් හඳුන් දෙහි ඇඹුලෙන් ගාන්න.
දත් මැලියම් හූරා තබන්න.
Filed under වෙද හෙදකම් | Comment (0)කුණ කටු විෂට
වල් ඉඟුරු, කහ, ලුණු දා මලවා බඳින්න.
නවසි කහකඩ කොටා මිරිකා පොවන්න.
යකි නාරං සහමුලින් ගෙන කොටා කහ ලුණු දමා මලවා බඳින්න.
වැල් කැප්පෙටියා කොළ, පොතු, යකි නාරං කොළ, පොතු කොටා මිරිකා දෙහි ඇඹුල් දමා පොවන්න.
Filed under වෙද හෙදකම් | Comment (0)මා පිල් විෂට
පිටවක්කා පින්න කොළ දෙහි ඇඹුලෙන් අඹරා එම ඇඹුලෙන්ම පොවන්න.
කිරි අඟුන කොළ යුෂ ගිතෙල් සමඟ දෙන්න.
වල් හබරල කොළ හා පිති කොටා ඉස්ම පොවන්න.
අමු කහ කොටා කෑ මුඛයට තබන්න.
Filed under වෙද හෙදකම් | Comment (0)කරවැල් විෂට
කරපිංචා කොළ කැඳ උයා දෙන්න.
දෙහි කොළ, පොතු කහ ලුණු දා මලවා බඳින්න.
මදුරුතලා කරල්හැබ කොටා ඉස්මට දෙහි දමා බොන්න දෙන්න.
අළු කෙසෙල් බඩ ඉස්ම පොවන්න.
Filed under වෙද හෙදකම් | Comment (0)