සර්පයෙක් දෂ්ට කල විට
තුවාලයට ඉහලින් රෙදි පටියකින් බැඳදෙහි කටුවකින් කෑ මුඛය තුවාල කර ලේ මිරිකා අරින්න.
කොට කිඹුලා ගහේ පට්ටයක් ගෙන කෙස් ගස් කීපයක් සමඟ කැව තැනට ඉහලින් බඳින්න.
කෑ මුඛයට නැවුම් වලන්කටු කැබෙල්ලක් තබා විෂ ඉරවීමට සලස් වන්න.
උණු වතුර, බෝතලයකට දමා නැවත හිස් කර කෑ මුඛයට තබා විෂ උරවන්න. විනාඩි 10 කින් පමණ තව බෝතලයක් තබන්න.
සෑම සර්ප විෂටම
කුඩා පිරිමි ළමයෙකුගේ මුත්‍රා පත බාගයක් ගෙන දෙහි ඇඹුල් පත බාගයක් දමා පෙරා පොවන්න.
කුප්ප මේනිය මුල් කොටා මිරිකා දෙහි ඇඹුල් දමා දෙන්න.
වැල් පෙනෙල කොළකොටා ඉස්මට දෙහි ඇඹුල් දමා දෙන්න.
පිරිමි ළමයෙකුගේ මුත්‍රා පතක් ගෙන ලිප මැද හාරා රතු පස් සමඟ මිශ්‍ර කර කීප විටක් පෙරා පොවන්න.
මී පැණි අවුන්ස 4ක් බොන්න දෙනවා.
තිප්පිලි
වියලි ඉඟුරු
අසමෝදගම්
කළු දුරු
වද කහ
සුදු ළූනු
ගම්මිරිස්
අබ
මේවා ටික ටික ගෙන අඹරා දෙහි ඇඹුල් දමා දෙන්න.
හැකි තරම් ඉක්මනින් බේත් කරන්න.
Filed under වෙද හෙදකම් | Comment (0)සර්පයින් දස්ට කල විට
එලඟිතෙල් දෙහි ඇඹුල් දමා පොවන්න.
හී” උඳුපියලි කොටා මිරිකා ඉස්මට දෙහි ඇඹුල් දමා පොවන්න.
අළු කෙසෙල් අල කොටා මිරිකා ඉස්ම පොවන්න.
හීන් අරත්ත අල කොටා මිරිකා ඉස්මට දෙහි ඇඹුල් දමා පොවන්න.
Filed under වෙද හෙදකම් | Comment (0)පොලොන් විශට
පෝටා කොළ, පොල් පලා, කොටා මිරිකා ඉස්ම කෑ මුඛයේ ගාන්න. එම රොඩු ටික කබලේ රත් කර කෑ මුඛයට තබා බඳින්න.
නස්නයට
මඟුල් කරද පොතු
කුඹුරු ඇට මද
කොටා මිරිකා කුඩා ළමයෙකුගේ මුත්‍රා සමඟ නස්න කරන්න.
ඊටම
ගොඩ කදුරු කොළ පොතු කහ, ලුනු දමා මලවා බඳින්න.
Filed under වෙද හෙදකම් | Comment (0)ගරුඩා කෑවාම
මිරිස් කොළ කොටා මිරිකා ඉස්මට තල තෙල් එක පමණට මිශ්‍ර කර පොවනු. එම රොඩු ලුනු දියර මිශ්‍ර කර ඇඟ ගානු.
Filed under වෙද හෙදකම් | Comment (0)ඕනෑම සර්පයෙක් කෑව විට
ගොඩ කදුරු කොළ පොතු කහ ලුනු දමා කොටා මලවා බඳින්න.
හීනැටි හාල් කැඳට එළකටුරොඩු කොටා ඉස්ම දමා එලඟිතෙල් දෙහි ඇඹුල් දමා බොන්න දෙන්න.
Filed under වෙද හෙදකම් | Comment (0)සර්පයින් දෂ්ඨ කල විට ඇති වන අත පය රුදාවට
නවසි ගහේ පස් පංගුව ගෙන හීනැටි හාල් සමග නවසි වතුරෙන් තම්බා එලගිතෙල් දෙහි ඇඹුල් දමා බොන්න දෙන්න.
Filed under වෙද හෙදකම් | Comment (0)පනු කැවිලි දද වලට
ඇත් තෝර කොළ මිටක් ගෙන මිටිය බැඳ කපා තුවාලය මදිනු.
Filed under වෙද හෙදකම් | Comment (0)වස විෂ කැවුනාම
අළු පුහුල් මිරිකා ඉස්ම පොවනු.
Filed under වෙද හෙදකම් | Comment (0)විෂ කටු ඇනුනාම
පිල කොළ අඹරා බඳින්න.
වල් ළූනු පොල් කිරෙන් අඹරා බඳින්න.
Filed under වෙද හෙදකම් | Comment (0)උළුක්කුවට හා තැල්මට
බැල තණ
බිම් පොල්
කොහොඹ කොළ
අමු කහ
පොල්
මේවා මිට මිට ගෙන කොටා මිරිකා කකාරා ගාන්න. එම රොඩු තල තෙලෙන් මලවා බඳින්න.
Filed under වෙද හෙදකම් | Comment (0)