මඤ්ඤොක්කා මතට
පොල් කිරි ලුනු සමඟ පොවන්න.
[ඉඟුරු විෂයි. කිසි විටෙක ඉඟුරු දෙන්න එපා.]
Filed under වෙද හෙදකම් | Comment (0)මන්ත්‍රය
ඕං නමෝ අෂර්ප ෂර්ප නේරං නමඃ
මේ මංතරය පාඩම් ඇති අයට ජීවිතාන්තය දක්වා ෂර්පයෝ නොකත්. කනට ඇසුනු අයට දහ අවුරුද්දකට නොකති.
විෂ බැස්සීමට මංත්‍රය
ඕං නමෝ තකරීය මකරීය යමදූතිය කාළරාක්ෂීය සතර දලේ විෂ උගුලා එයින් පොලොවට බට පොලොවෙන් නා ලොවට බට නා ලොවෙන් නරකයට බට නරකයෙන් මකර කටට බට දා අළු බස්න කල හෙයින් තට විෂ නැතිය හඃ
දෙහි අත්තකින් පිස දමමින් මතුරනු. [ 21 වරක් ]
Filed under වෙද හෙදකම් | Comment (0)අරක්කු මතට
හිඟුරු පියලි කොටා මිරිකා දෙහි ඇඹුල් සමඟ පොවන්න.
හිස මුදුනට දෙහි ඇඹුල් දමන්න.
Filed under වෙද හෙදකම් | Comment (0)කුණ කටු විෂට
දෙහි කොළ, පොතු කහ, ලුණු , දමා මලවා බඳින්න.
Filed under වෙද හෙදකම් | Comment (0)නාග විෂට නස්න කරන්න
තෙබු දන්ඩක් පලා රතු ළූනු දමා උණු අළුවෙන් තම්බා මිරිකා නස්න කරන්න.
Filed under වෙද හෙදකම් | Comment (0)නියඟලා විෂට
එළකිරි, තන කිරි, උක් පැණි, සීනි, ගිතෙල්, සමසේ ගෙන කකාරා දෙන්න.
හාතවාරිය අල ඉස්ම පොවන්න.
වෙරළු පොතු ඉස්ම පොවන්න.
Filed under වෙද හෙදකම් | Comment (0)සියලු විෂ සතුන් දෂ්ට කල විට තැබීමට
උඳුපියලි අමු කහ සමඟ අඹරා තියන්න.
නාබිරිත්තා මුලක් දෙහි ඇඹුලෙන් අඹරා තබන්න.
සත්සඳ මුල දෙහි ඇඹුලෙන් ගලගා තබන්න.
අහු දළු අමු කහ අඹරා තබන්න.
වරා කොළ නර මුත්‍රයෙන් අඹරා ගාන්න.
Filed under වෙද හෙදකම් | Comment (0)කූඩැල්ලන් කෑ විෂට
කහ වෙනිවැල්ගැට තන කිරෙන් ගලගා ගාන්න.
Filed under වෙද හෙදකම් | Comment (0)බළල් විෂට
කුප්පමේනියා මුල් මී පැණියෙන් අඹරා ගාන්න.
පිටවක්කා කොළ තන කිරෙන් අඹරා ගාන්න.
Filed under වෙද හෙදකම් | Comment (0)