උළුක්කුවට
අමු කහ
බැල තණ
පොල්
ලුනු
සමඟ කොටා මලවා බඳින්න.
ඊටම
ඔලිඳ කොළ කොටා එරඬු තෙලින් මලවා බඳින්න.
Filed under වෙද හෙදකම් | Comment (0)ගින්නෙන් පිළිස්සුනාම
අන්නාසි ගොබ කොටා මිරිකා රෙදි කඩකින් පෙරා පිළිස්සුනු තැන ගල්වන්න.
Filed under වෙද හෙදකම් | Comment (0)කැරපොත්තා ලෙවකා හෝ මුත්රා කල විෂට
අළු හුණු ටිකක් උණු වතුරට දමා දිය කර ඒ දුම් අල්වන්න. [එම ගෑවුනු තැනට ]
Filed under වෙද හෙදකම් | Comment (0)පණු ගායට
වලගසාල් කුඩු කර මී පැණි සමඟ ගුලි කර වරකට බුළු ගෙඩියක් පමණ උදේට දින 3 ක් හෝ 4 ක් දෙන්න.
Filed under වෙද හෙදකම් | Comment (0)ගෝනුසු විෂට
තෝර මුල් දෙහි ඇඹුලෙන් අඹරා ගාන්න.
ඊටම
වරා දළු, අමු කහ, ලුනු කැටයක් සමඟ දෙහි ඇඹුලෙන් අඹරා ගාන්න.
Filed under වෙද හෙදකම් | Comment (0)පත්තෑ විෂට
දෂ්ඨ මුඛය දෙහි කටුවකින් පාරා අරලිය කිරි තබා බඳින්න.
ඊටම
මල් ගස් ලබු මුලක් දෙහි ඇඹුලෙන් අඹරා කෑ මුඛයේ තබන්න.
Filed under වෙද හෙදකම් | Comment (0)අත පය හංදි පැනීමට
ලුනු වරණ පොතු
අට්ටික්කා පොතු
අමු කහ
ලුනු ටිකක්
එකට දමා කොටා මලවා බඳින්න.
ඒ සමඟම හාල් හුණ්ඩුවක් පමණ ගෙන සෑහෙන පමණ වතුර දමා ලිප තබා බත උතුරන විට අර බේත ලිහා දමන්න.
ඊටම
කොතල හිඹුටු කොළ, පොතු,
අමු කහ
දිය ලුනු
පොල් බෑවක පොල්
දමා කොටා මලවා හවස තරු පායන වෙලාවට ඒ දෙස බලා බේත් බැඳ තිස් පැයෙන් ලිහා දමන්න.
හංදි පූට්ටු වී සුව වේ.
Filed under වෙද හෙදකම් | Comment (0)තැල්මට
ලුනු දියර මැටි ඇතිලියක දමා ලොකු රෙදි පටියක් ඊට දමා හොඳට පොඟවා ලිප තබා රත් කර යාන්තමට තෙතමනය තිබියදී මඳ රස්නය ඇතිව තැලුනු තැනට තබා බැඳ ලුනු දියරෙන් තෙමන්න. වේලෙන විට වරින් වර තෙමන්න.
Filed under වෙද හෙදකම් | Comment (0)උලුක්කුවට
උලුක්කු හංදිය ඇද තලතෙල් ගාන්න.
බේත් එඬරු කොළ, පොතු, ගෙඩි, මල්, අමු කහ සමඟ කොටා මලවා බඳින්න.
Filed under වෙද හෙදකම් | Comment (0)විෂ කටු ඇනී ඇත්නම් ඇදීමට
අන්නාසි ගොබ, අමු කහ, පෙරුංකායම් පොල් කිරෙන් තම්බා අඹරා බඳින්න.
ඊටම
කෝමාරිකා මද පෙරුංකායම් පොල් කිරෙන් තම්බා අඹරා බඳින්න.
Filed under වෙද හෙදකම් | Comment (0)