සම්මා දිට්ඨි සූත්‍රය – වේදනා වාරය
යම් කලෙක පටන් ආර්ය ශ්‍රාවක තෙමේ වේදනාවත් දනීද, වේදනා සමුදයත් දනීද, වේදනා නිරෝධයත් දනීද, වේදනා නිරෝධගාමිනී ප්‍රතිපදාවත් දනීද, ආර්ය ශ්‍රාවක තෙමේ මෙතකින්ද සම්‍යක් දෘෂ්ටික වෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජු වෙයි. දහමෙහි ගුණ දැන පැහැදෙයි. නිර්වාණ ධර්මයට පැමිණියේ වෙයි.
වේදනා කවරේද?
වේදනා සමුදය කවරේද?
වේදනා නිරෝධය කවරේද?
වේදනා නිරො!ධගාමිනී ප්‍රතිපදාව කවරේද?
1. චක්ඛු සම්ඵස්සයෙන් හට ගත් වේදනාව
2. සෝත සම්ඵස්සයෙන් හට ගත් වේදනාව
3. ඝාන සම්ඵස්සයෙන් හටගත් වේදනාව
4. ජිව්හා සම්ඵස්සයෙන් හටගත් වේදනාව
5. කාය සම්ඵස්සයෙන් හටගත් වේදනාව
6. මනෝ සම්ඵස්සයෙන් හටගත් වේදනාව
යයි මේ වේදනා කායයෝ හයෙකි.
ඵස්ස සමුදයෙන් වේදනා සමුදය වෙයි.
ඵස්ස නිරෝධයෙන් වේදනා නිරෝධය වෙයි.
මේ අරි අටඟි මඟම වේදනා නිරෝධගාමිනී ප්‍රතිපදාවයි.
එනම්: 1. සම්මා දිට්ඨි. 2. සම්මා සංකප්ප. 3. සම්මා වාචා. 4. සම්මා කම්මන්ත. 5. සම්මා ආජීව. 6. සම්මා වායාම. 7. සම්මා සති. 8. සම්මා සමාධි.
යම් කලෙක පටන් ආර්ය ශ්‍රාවක තෙමේ මෙසේ වේදනාවත් දනීද, වේදනා සමුදයත් දනීද, වේදනා නිරෝධයත් දනීද, වේදනා නිරෝධගාමිනී ප්‍රතිපදාවත් දනීද, හෙතෙම සර්වප්‍රකාරයෙන්ම රාගානුශය දුරු කොට, ප්‍රතිඝානුශය දුරු කොට, “අස්මි” “මම” ය යන දෘෂ්ටිය බඳු වූ මානානුශය නසා අවිද්‍යාව හැර විද්‍යාව උපදවා මේ ආත්මයේදීම දුක් කෙළවර කරන්නෙක් වෙයි.
මෙතෙකිනිදු ආර්ය ශ්‍රාවක තෙමේ සම්‍යක් දෘෂ්ටික වෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජු වෙයි. ධර්මයෙහි ගුණ දැන පැහැදෙයි. නිර්වාණ ධර්මයට පැමිණියේ වෙයි.
Filed under නොතේරු | Comment (0)සම්මා දිට්ඨි සූත්‍රය – ඵස්ස වාරය
යම් කලෙක පටන් ආර්ය ශ්‍රාවක තෙමේ ඵස්සය දනීද, ඵස්ස සමුදය දනීද, ඵස්ස නිරෝධය දනීද, ඵ්ස්ස නිරෝධගාමිනී පටිපදාව දනීද, මෙතෙකිනුත් සම්‍යක් දෘෂ්ටික වෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජු වෙයි. දහමෙහි ගුණ දැන පැහැදෙයි. නිර්වාණයට පැමිණියේ වෙයි.
ඵ්ස්සය කවරේද?
ඵස්ස සමුදය කවරේද?
ඵස්ස නිරෝධය කවරේද?
ඵස්ස නිරෝධගාමිනී පටිපදාව කවරේද?
චක්ඛු සම්ඵස්සය,
සෝත සම්ඵස්සය,
ඝානසම්ඵස්සය,
ජිව්හාසම්ඵස්සය,
කායසම්ඵස්සය,
මනෝසම්ඵස්සය,
යයි ස්පර්ශ සයකි.
සළායතන සමුදයෙන් ඵස්ස සමුදය වෙයි.
සළායතන නිරෝධයෙන් ඵස්ස නිරෝධය වෙයි.
මේ අරි අටඟි මඟම ඵස්ස නිරෝධගාමිනී ප්‍රතිපදාව වෙයි.
එනම්: 1. සම්මා දිට්ඨි 2. සම්ම සංකප්ප 3. සම්ම වාචා 4. සම්මා කම්මන්ත 5. සම්මා ආජීව 6. සම්මා වායාම 7. සම්මා සති 8. සම්මා සමාධි.
යම් කලෙක පටන් ආර්ය ශ්‍රාවක තෙමේ ඵස්සය දනීද, ඵස්ස සමුදය දනීද, ඵස්ස නිරෝධය දනීද, ඵස්ස නිරෝධගාමිනී ප්‍රතිපදාව දනීද, හෙතෙම සර්වප්‍රකාරයෙන්ම රාගානුශය නැති කොට, පටිඝානුශය නැති කර, “අස්මි” “මම” යන බඳු වූ මානානුශය නසා අවිද්‍යාව හැර විද්‍යාව උපදවා මේ ආත්මයේදීම දුක් කෙළවර කරන්නෙක් වෙයි. මෙතෙකිනුදු ආර්ය ශ්‍රාවක තෙමේ සම්‍යක් දෘෂ්ටික වෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජු වෙයි. ධර්මයෙහි ගුණ දැන පැහැදෙයි. නිර්වාණ ධර්මයට පැමිණියේ වෙයි.
Filed under නොතේරු | Comment (0)සම්මා දිට්ඨි සූත්‍රය – සළායතන වාරය
යම් කලෙක පටන් ආර්ය ශ්‍රාවක තෙමේ සළායතන දනීද, සළායතන සමුදය දනීද, සළායතන නිරෝධය දනීද, සළායතන නිරෝධගාමිනී පටිපදාව දනීද, ආර්ය ශ්‍රාවක තෙමේ මෙතෙකිනිදු සම්‍යක් දෘෂ්ටික වෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජු වෙයි. දහමෙහි ගුණ දැන පැහැදෙයි. නිර්වාණ ධර්මයට පැමිණියේ වෙයි.
සළායතන කවරේද?
සළායතන සමුදය කවරේද?
සළායතන නිරෝධය කවරේද?
සළායතන නිරෝධගාමිනී ප්‍රතිපදාව කවරේද?
1. චක්ඛායතනය
2. සෝතායතනය
3. ඝානායතනය
4. ජිව්හායතනය
5. කායායතනය
6. මනායතනය
යයි ආයතන හයෙකි.
නාම රූප සමුදයෙන් සළායතන සමුදය වෙයි.
නාම රූප නිරෝධයෙන් සළායතන නිරෝධය වෙයි.
මේ අරි අටඟි මඟම සළායතන නිරෝධගාමිනී පටිපදාව වෙයි.
එනම්: 1. සම්මා දිට්ඨි 2. සම්මා සංකප්ප 3. සම්මා වාචා 4. සම්මා කම්මන්ත 5. සම්මා ආජීව 6. සම්මා වායාම 7. සම්මා සති 8. සම්මා සමාධි
යම කලෙක පටන් ආර්ය ශ්‍රාවක තෙමේ මෙසේ සළායතන දනීද, සළායතන සමුදය දනීද, සළායතන නිරෝධය දනීද, සළායතන නිරෝධගාමිනී ප්‍රතිපදාව දනීද, හෙතෙම සර්ව ප්‍රකාරයෙන්ම රාගානුශය දුරු කොට, පටිඝානුශය නැති කොට, “අස්මි” “මම” යන දෘෂ්ටිය බඳු වූ මානානුශය නසා අවිද්‍යාව දුරු කොට විද්‍යාව උපදවා දුක් කෙළවර කරන්නෙක් වෙයි. මෙතෙකිනුදු ආර්ය ශ්‍රාවක තෙමේ සම්‍යක් දෘෂ්ටික වෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජු වෙයි. ධර්මයෙහි ගුණ දැන පැහැදෙයි. නිර්වාණ ධර්මයට පැමිණියේ වෙයි.
Filed under නොතේරු | Comment (0)සම්මා දිට්ඨි සූත්‍රය – නාම රූප වාරය
යම් කලෙක පටන් ආර්ය ශ්‍රාවක තෙමේ නාම රූපයත් දනීද, නාම රූප සමුදයත් දනීද, නාම රූප නිරෝධයත් දනීද, නාම රූප නිරෝධ ගාමිනී පටිපදාවත් දනීද, මෙතෙකිනුත් ආර්ය ශ්‍රාවක තෙමේ සම්‍යක් දෘෂ්ටික වෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජු වෙයි. දහමෙහි ගුණ දැන පැහැදෙයි. නිර්වාණ ධර්මයට පැමිණියේ වෙයි.
නාම රූපය කවරේද?
නාම රූප සමුදය කවරේද?
නාම රූප නිරෝධය කවරේද?
නාම රූප නිරෝධගාමිනී පටිපදාව කවරේද?
1. වේදනාව
2. සංඥාව
3. චේතනාව
4. ස්පර්ශය
5. මනසිකාරය
යන මෙය නාම යයි කියනු ලැබේ.
සතර මහ භූතත් සතර මහ භූතයන් නිසා පවත්නා රූපත් යන මෙය රූපය යයි කියනු ලැබේ.
මෙසේ මේ නාමයත් මේ රූපයත් යන මෙය නාම රූපය යයි කියනු ලැබේ.
විඤ්ඤාණ සමුදයෙන් නාම රූප සමුදය වෙයි.
විඤ්ඤාණ නිරෝධයෙන් නාම රූප නිරෝධය වෙයි.
මේ අරි අටඟිමඟම නාම රූප නිරෝධගාමිනී ප්‍රතිපදාවයි.
එනම්: 1. සම්මා දිට්ඨි 2. සම්මා සංකප්ප 3. සම්මා වාචා 4. සම්මා කම්මන්ත 5. සම්මා ආජීව 6. සම්මා වායාම 7. සම්මා සති 8. සම්මා සමාධි
යම් කලෙක පටන් ආර්ය ශ්‍රාවක තෙමේ මෙසේ නාම රූපයත් දනීද, නාම රූප සමුදය ත් දනීද, නාම රූප නිරෝධයත් දනීද, නාම රූප නිරෝධගාමිනී ප්‍රතිපදාවත් දනීද, හෙතෙම සර්වප්‍රකාරයෙන් ම රාගානුශය නැති කොට, ප්‍රතිඝානුශය දුරු කොට, “අස්මි” “මම” යන දෘෂ්ටිය බඳු වූ මානානුශය නසා අවිද්‍යාව හැර විද්‍යාව උපදවා දුක් කෙළවර කරන්නෙක් වෙයි.
මෙතෙකිනුදු ආර්ය ශ්‍රාවක තෙමේ සම්‍යක් දෘෂ්ටික වෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජු වෙයි. ධර්මයෙහි ගුණ දැන පැහැදීමෙන් යුක්ත වෙයි. නිර්වාණ ධර්මයට පැමිණියේ වෙයි.
Filed under නොතේරු | Comment (0)සම්මා දිට්ඨි සූත්‍රය – විඤ්ඤාණ වාරය
යම් කලෙක පටන් ආර්ය ශ්‍රාවක තෙමේ විඤ්ඤාණයත් දනීද, විඤ්ඤාණ සමුදයත් දනීද, විඤ්ඤාණ නිරෝධයත් දනීද, විඤ්ඤාණ නිරෝධගාමිනී ප්‍රතිපදාවත් දනීද, මෙතෙකිනුදු ආර්ය ශ්‍රාවක තෙමේ සම්ම්‍යක් දෘෂ්ටික වෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජු වෙයි. දහමෙහි ගුණ දැන පැහැදීමෙන් යුක්ත වෙයි. නිර්වාණ ධර්මයට පැමිණියේ වෙයි.
විඤ්ඤාණය කවරේද?
විඤ්ඤාණ සමුදය කවරේද?
විඤ්ඤාණ නිරෝධය කවරේද?
විඤ්ඤාණ නිරෝධගාමිනී ප්‍රතිපදාව කවරේද?
මේ විඤ්ඤාණ කායයෝ සයෙකි.
1. චක්ඛු විඤ්ඤාණය.
2. සෝත විඤ්ඤාණය.
3. ඝාන විඤ්ඤාණය.
4. ජිව්හා විඤ්ඤාණය.
5. කාය විඤ්ඤාණය.
6. මනෝ විඤ්ඤාණය.
සංඛාර සමුදයෙන් විඤ්ඤාණ සමුදය වෙයි.
සංඛාර නිරෝධයෙන් විඤ්ඤාණ නිරෝධය වෙයි.
මේ අරි අටඟිමඟම විඤ්ඤාණ නිරෝධගාමිනී ප්‍රතිපදාව වෙයි.
එනම්: 1. සම්මා දිට්ඨි 2. සම්මා සංකප්ප 3. සම්මා වාචා 4. සම්මා කම්මන්ත 5. සම්මා ආජීව 6. සම්මා වායාම 7. සම්මා සති 8. සම්මා සමාධි.
යම් කලෙක පටන් ආර්ය ශ්‍රාවක තෙමේ විඤ්ඤාණයත් දනීද, විඤ්ඤාණ සමුදයත් දනීද, විඤ්ඤාණ නිරෝධයත් දනීද, විඤ්ඤාණ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවත් දනීද, හෙතෙම සර්වප්‍රකාරයෙන්ම රාගානුශය දුරු කොට, ප්‍රතිඝානුශය දුරු කොට, “අස්මි” “මම” යන දෘෂ්ටිය බඳු වූ මානානුශය නසා අවිද්‍යාව හැර විද්‍යාව උපදවා ඉහාත්මයේදීම දුක් කෙළවර කරන්නෙක් වෙයි.
මෙතෙකිනුදු ආර්ය ශ්‍රාවක තෙමේ සම්ම්‍යක් දෘෂ්ටික වෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජු වෙයි. ධර්මයෙහි ගුණ දැන පැහැදීමෙන් යුක්තවෙයි. නිර්වාණ ධර්මයට පැමිණියේ වෙයි.
Filed under නොතේරු | Comment (0)සම්මා දිට්ඨි සූත්‍රය – සංඛාර වාරය
යම් කලෙක පටන් ආර්ය ශ්‍රාවක තෙමේ සංස්කාරයත් දනීද, සංස්කාර සමුදයත් දනීද, සංස්කාර නිරෝධයත් දනීද, සංස්කාර නිරෝධ ප්‍රතිපදාවත් දනීද, සංස්කාර නිරෝධ ගාමිනී ප්‍රතිපදාවත් දනීද, මෙතෙකිනුත් ආර්ය ශ්‍රාවක තෙමේ සම්‍යක් දෘෂ්ටික වෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජු වෙයි. දහමෙහි ගුණ දැන පැහැදෙයි. නිර්වාණ ධර්මයට පැමිණියේ වෙයි.
සංස්කාරයෝ කවරේද?
සංස්කාර සමුදය කවරේද?
සංස්කාර නිරෝධය කවරේද?
සංස්කාර නිරෝධගාමිනී ප්‍රතිපදාව කවරේද?
මේ සංස්කාරයෝ තිදෙනෙක් වෙති.
1. කාය සංස්කාර
2. වාක් සංස්කාර
3. චිත්ත සංස්කාර
අවිද්‍යා සමුදයෙන් සංස්කාර සමුදය වෙයි.
අවිද්‍යා නිරෝධයෙන් සංස්කාර නිරෝධය වෙයි.
මේ අරි අටගිමඟම සංස්කාර නිරෝධගාමිනී ප්‍රතිපදාව වෙයි.
එනම් 1. සම්මා දිට්ඨි 2. සම්මා සංකප්ප 3. සම්මා වාචා 4. සම්මා කම්මන්ත 5. සම්මා ආජීව 6. සම්මා වායාම 7. සම්මා සති 8. සම්මා සමාධි
යම් කලෙක පටන් ආර්ය ශ්‍රාවක තෙමේ මෙසේ සංස්කාරයනුත් දනීද, සංස්කාර සමුදයත් දනීද, සංස්කාර නිරෝධයත් දනීද, සංස්කාර නිරෝධගාමිනී ප්‍රතිපදාවත් දනීද, හෙතෙම සර්වප්‍රකාරයෙන්ම රාගානුශය නැති කොට, ප්‍රතිඝානුශය දුරු කොට, ‘අස්මි’ ‘මම’ ය යන දෘෂ්ටිය බඳු වූ මානානුශය නසා අවිද්‍යාව දුරු කොට විද්‍යාව උපදවා දුක් කෙළවර කරන්නෙක් වෙයි.
මෙතෙකිනුත් ආර්ය ශ්‍රාවක තෙමේ සම්‍යක් දෘෂ්ටික වෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජු වෙයි. දහමෙහි ගුණ දැන පැහැදීමෙන් යුක්ත වෙයි. නිර්වාණ ධර්මයට පැමිණියේ වෙයි.
Filed under නොතේරු | Comment (0)සම්මා දිට්ඨි සූත්‍රය – අවිද්‍යාවාරය
ආර්ය ශ්‍රාවක තෙමේ අවිද්‍යාවත් දනීද, අවිද්‍යා සමුදයත් දනීද, අවිද්‍යා නිරෝධයත් දනීද, අවිද්‍යා නිරෝධගාමිනී ප්‍රතිපදාවත් දනීද, මෙතෙකිනුත් ආර්ය ශ්‍රාවක තෙමේ සම්‍යක් දෘෂ්ටික වෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජු වෙයි. දහමෙහි ගුණ දැන පැහැදීමෙන් යුක්ත වෙයි. නිර්වාණ ධර්මයට පැමිණියේ වෙයි.
අවිද්‍යාව කවරේද?
අවිද්‍යා සමුදය කවරේද?
අවිද්‍යා නිරෝධය කවරේද?
අවිද්‍යා නිරෝධගාමිනී ප්‍රතිපදාව කවරේද?
1. දුක්ඛ
2. දුක්ඛ සමුදය
3. දුක්ඛ නිරෝධ
4. දුක්ඛ නිරෝධගාමිනී පටිපදා
පිළිබඳ නොදැනීම අවිද්‍යාව වෙයි.
ආස්‍රව සමුදයෙන් අවිද්‍යා සමුදය වෙයි.
ආස්‍රව නිරෝධයෙන් අවිද්‍යා නිරෝධය වෙයි.
මේ අරි අටගිමඟම අවිද්‍යා නිරෝධගාමිනී ප්‍රතිපදාව වෙයි.
එනම්: 1. සම්මා දිට්ඨි, 2. සම්මා සංකප්ප, 3. සම්මා වාචා 4. සම්මා කම්මන්ත 5. සම්මා ආජීව 6. සම්මා වායාම 7. සම්මා සති 8. සම්මා සමාධි.
යම් කලෙක පටන් ආර්ය ශ්‍රාවක තෙමේ මෙසේ අවිද්‍යාවත් දනීද, අවිද්‍යා සමුදයත් දනීද, අවිද්‍යා නිරෝධයත් දනීද, අවිද්‍යා නිරෝධගාමිනී ප්‍රතිපදාවත් දනීද, හෙතෙමෙ සර්ව ප්‍රකාරයෙන්ම රාගානුශය නැති කොට පටිඝානුශය නැති කොට අස්මි, මම යන දෘෂ්ටිය බඳු වූ මානානුශය මුලිනුපුටා අවිද්‍යාව දුරු කොට විද්‍යාව උපදවා ඉහාත්මයේදීම දුක් කෙළවර කරන්නෙක් වෙයි. මෙතෙකින්ද ආර්ය ශ්‍රාවක තෙමේ සම්‍යක් දෘෂ්ටික වෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජු වෙයි. දහමෙහි ගුණ දැන පැහැදෙයි. මේ නිර්වාණ ධර්මයට පැමිණියේ වෙයි.
Filed under නොතේරු | Comment (0)සම්මා දිට්ඨි සූත්‍රය – ආසව වාරය
ආර්ය ශ්‍රාවක තෙමේ ආස්‍රවයත් දනීද, ආස්‍රව සමුදයත් දනීද, ආස්‍රව නිරෝධයත් දනීද, ආස්‍රව නිරෝධගාමිනී ප්‍රතිපදාවත් දනීද, මෙතෙකිනුත් ආර්ය ශ්‍රාවක තෙමේ සම්‍යක්දෘෂ්ටික වෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජු වෙයි. දහමෙහි ගුණ දැන පැහැදීමෙන් යුක්ත වෙයි. නිර්වාණ ධර්මයට පැමිණෙයි.
ආස්‍රව කවරේද? ආස්‍රව සමුදය කවරේද? ආස්‍රව නිරෝධය කවරේද? ආස්‍රව නිරෝධගාමිනී ප්‍රතිපදාව කවරේද?
1. කාමාස්‍රව 2. භවාස්‍රව 3. අවිද්‍යාස්‍රව යයි ආස්‍රව තුනෙකි.
අවිද්‍යා සමුදයෙන් ආස්‍රව සමුදය වෙයි.
අවිද්‍යා නිරෝධයෙන් ආස්‍රව නිරෝධය වෙයි.
මේ අරි අටගිමගම ආස්‍රව නිරෝධගාමිනී ප්‍රතිපදාව වෙයි.
එනම් සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි යන මෙයයි.
යම් කලෙක පටන් ආර්ය ශ්‍රාවක තෙමේ මෙසේ ආස්‍රවත් දනීද, ආස්‍රව සමුදයත් දනීද, ආස්‍රව නිරෝධයත් දනීද, ආස්‍රව නිරෝධගාමිනී ප්‍රතිපදාවත් දනීද, හෙතෙම සර්වප්‍රකාරයෙන්ම රාගානුශය දුරු කොට, පටිඝානුශය දුරු කොට, මානානුශය (මම, අසමි, යන දෘෂ්ටිය බඳු වූ) මුලිනුපුටා අවිද්‍යාව පහ කොට විද්‍යාව උපදවා දුක් කෙළවර කරන්නෙක් වෙයි.
මෙතෙකිනුත් ආර්ය ශ්‍රාවක තෙමේ සම්‍යක් දෘෂ්ටික වෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජු වෙයි. දහමෙහි ගුණ දැන පැහැදීමෙන් යුක්ත වෙයි. නිර්වාණ ධර්මයට පැමිණියේ වෙයි.
Filed under නොතේරු | Comment (0)නිවන සාක්ෂාත් කර ගනිමු
බෞද්ධයා රූපවාහිනී නාලිකාවෙන් ඇසූ බණක් ඇසුරෙනි.
නිවන සාක්ෂාත් කර ගැනීම උදෙසා පැවිදි වූ භික්ෂුවට නිවන කරා යාමට නොහැකි වෙන අවස්ථාවන් ගඟේ පාවෙන කොටයක් උපමා කර ගෙන බුදුරජාණන්වහන්සේ විසින් පෙන්වා දෙන ලදී.
ගඟේ පාවෙමින් තිබෙන කොටයකට පාවී යාමට ඇති බාධක මෙසේ දක්වා තිබේ.
එම කොටය පා නොවී
1. මෙතෙරම රැඳී තිබිය හැකියි.
2. එතෙර රැඳී තිබිය හැකියි.
3. මැද කිඳා බැසිය හැකියි.
4. ගඟ මැද ඇති ගල් තලාවක් මතට ගොඩ ගැසිය හැකියි.
5. මනුෂ්‍යයන් විසින් අල්ලා ගත හැකියි.
6. අමනුෂ්‍යයන්ට අසු විය හැකියි.
7. දිය සුළියකට අසු විය හැකියි.
8. ඇතුළත කුණු විය හැකියි.
මෙතෙර වශයෙන් හැදින්වූයේ,
ආධ්‍යාත්මික ආයතන හය
1. ඇස
2. කණ
3. නාසය
4. දිව
5. ශරීරය
6. මනස
එතෙර වශයෙන් හැඳින්වූයේ,
බාහිර ආයතන හය
1. රූප
2. ශබ්ද
3. ගන්ධ
4. රස
5. ස්පර්ශ
6. ධම්ම
මැද කිඳා බැසීම වශයෙන් හැදින්වූයේ,
නන්දිරාගය හෙවත් සතුටු වෙමින් අධික ලෙස ඇලීම
ගඟ මැද ඇති ගල් තලාවක් මතට ගොඩ ගහනවා යනුවෙන් හැඳින්වූයේ,
අධිමානයටයි.
මනුෂ්‍යයො අල්ලා ගැනීම යනු,
දායකයො සමඟ ඕනෑවට වඩා එකතුවී කටයුතු කිරීම. දායකයො සමඟ එකට සතුටු වීම දුක්වීම නොකළ යුත්තක්.
අමනුෂ්‍යයන්ට අහුවීම යනු,
මරණින් මතු දිව්‍ය ලෝකේ යාමට බලාපොරොත්තුවෙන් සිටීම නිසා නිවන් සාක්ෂාත් කර ගැනීමේ උත්සහය අඩුවීම.
දිය සුළියකට අසුවීම යනු,
රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ පංච කාම ගුණයට හසුවීම නිසා.
ඇතුළත කුණුවීම යනු,
දුශ්ශීලීව සිටීම. භික්ෂුවක් පාරාජිකා වෙලා භික්ෂුත්වය නැති වෙලා ඒ වුනත් භික්ෂු චරිතයේ සිටීම.
(භික්ෂූන් වහන්සේලාට දේශනා කළ මෙය නන්ද ගොපල්ලව අසා සිට නන්ද රහතන් වහන්සේ නමක් බවට පත් විය.)
Filed under නොතේරු | Comment (0)Zecumate ZX-T6T ඇඟිළි සලකුණු කාලය සටහන් කරණ උපකරණය
ඇඟිළි සලකුණු වලින් කාලය සටහන් කර ගැනීමට හැකි උපකරණයකි. මේ සඳහා සිංහල අත් පොත්ද බාගත හැකිය. මෙම උපකරණය ආයතන වල සේවකයන්ගේ රාජකාරිය සඳහා පැමිණීම, රාජකාරි අවසන් වී පිට වී යාම, අතිකාල සේවා පිළිබඳ සටහන් තැබීම, වැඩ කරන කාලයේදී පිට වීම සහ ඇතුල් වීම, ආදී දෑ සටහන් කර ගැනීමට හැකියි.
තේ වතු රබර් වතු ආදී තැන් වලට ගෙන යා හැකි ලෙස සකස් කල උපකරණද ඇත. වතු සේවකයන්ගේ දිනක වැටුප වැඩි කල පසු වතු පාලකයන්ට සේවකයන්ගේ පැමිණීම සටහන් කර ගැනීම ඉතාමත්ම වටිනා කරුණක් වේ. නැතිනම් වතු ක්ෂේත්‍රයේ ආදායම කඩා වැටී රටේ ආර්ථිකයටද බලපෑම් ඇති වේ.
ඇඟිළි සලකුණ මගින් කාලය සටහන් කිරීමේදී පුද්ගලයන් වෙනුවෙන් වෙනත් පුද්ගලයන්ට පෙනී සිටීමේ අවස්ථාව නැති වෙයි. ගුරු විදුහල් වල ගුරු සිසුන් සඳහා, පාසැල්, උපකාරක පන්ති වල සිසුන් සඳහා(උපකාරක පන්ති වලට යන ලෙස ගොස් වෙනත් තැන් වලට යන සිසුන් හඳුනා ගැනීම සඳහා) කර්මාන්තශාලාවන්හි වැඩ කරන සේවකයන් සඳහා, ආදී තව නොයෙක් ක්ෂේත්‍ර සඳහා මෙම උපකරණය මගින් විශාල සේවයක් සපයා ගත හැකියි.
Zecumate Fingerprint Time Recorder පිළිබඳව විස්තර ලබා ගැනීම සඳහා zecumate.com වෙබ් අඩවියට යන්න.
Filed under Zecumate | Comment (0)