පපුවේ සෙමට කැස්සට
ඉඟුරු
කොත්තමල්ලි
කටුවැල්බටු
වැල්මී
තිප්පිලි
මුද්දරස්ප්ලම්
කලං 2 බැගින් වතුර 8 පත 1 සිඳ පෙරා සූකිරි කුඩු දමා උදේ සවස වඩි 3 ක් 4 ක් බොන්න.
Filed under වෙද හෙදකම් | Comment (0)පත්තෑයා කෑ විට
පරණ කොහු ලනු කැබැල්ලක් පුලුස්සා අළු ගෙන පොල් තෙලෙන් අනා ගුලි කර කෑ තැන තබන්න.
Filed under වෙද හෙදකම් | Comment (1)වමනයට
ඉරිවේරිය දඬු හාල් පානු දියෙන් අඹරා මිරිකා පෙරා බීමට දෙන්න. සුව වේ.
Filed under වෙද හෙදකම් | Comment (0)බඩ ගිනි ඇති වීමට
සියඹලා නැටි කරපිංචා නැටි එක පමණ ගෙන තම්බා පෙරා සතියකට වරක් උදේට බොන්න.
Filed under වෙද හෙදකම් | Comment (0)කම්මුල් ගායට
අරළු
නෙල්ලි
පෙති පුවක්
සියඹලා දළු
මේවා එක පමණ ගෙන කොටා ලුනු වතුරෙන් අඹරා මී පැණියෙන් අනා ගාන්න.
ඊටම
අලි හක්ක දෙහි ඇඹුලෙන් ගලගා ගාන්න.
[පිලිහුඩු වර්ග ගෙට නොගන්න]
ඊටම– බීමට බේත ;
කොත්ත මල්ලි
පත්පාඩගම්
බිංකොහොඹ
වෙන වෙනම කබලේ රත් කර එකට දමා කුඩු කර කෝපි මෙන් වත් කර දවසට 3 න් වරක් ටික ටික වයසේ හැටියට බලා පොවන්න.
ඊටම — උණ ඉතාම වැඩි නම්
වෙනිවැල් ගැට
ඉරිවේරිය
කටු කරෝසන
කටු වැල් බටු
දුම් මැල්ල
කොහොඹ පොතු
වියලි කහ
අරළු
බුළු
නෙල්ලි
මේවා කලං 1 යි මංචාඩි 4 බැගින් ගෙන වතුර පත 8 / 1 ට සිඳ පෙරා වරකට පත 1/2 බැගින් උදේ හවස බොන්න.
බෙල්ල වටේට හුලං නොවදින සේ සතියක් ආරක්ෂා කරන්න.
නෑම ප්‍රමාද කල තරමට හොඳයි.
අනිත් අයගේ ආරක්ෂාවට — කහ දියර ඉස ගේ පිරිසිදු කර සාම්බ්‍රානි දුම් අල්ලන්න.
මඤ්ඤොක්කා මතට
පේර කොළ කොටා මිරිකා ඉස්මට පොල් කිරි සහ දෙහි ඇඹුල් මිශ්‍ර කර පොවන්න.
Filed under වෙද හෙදකම් | Comment (0)බඩේ අජීර්ණයට
අරළු, සුදු ළූනු කලං 6 බැගින් ගෙන වතුර පත 8 / 1 ට සිඳ සහිඳ ලුනු දමා බොන්න.
Filed under වෙද හෙදකම් | Comment (0)ඉන්නන් ගැලවී යාමට
බාර්සෝප් සබන් හුණු සමඟ අඹරා ඉන්නට පමණක් ගාන්න. ගැලවී යාවි.
Filed under වෙද හෙදකම් | Comment (0)කුරුලෑ වලට
පොල් මිටි කිරි ටිකක් දෙහි ඇඹුල් බිංදු 10 ක් පමණ දමා රාත්‍රී මූනේ ගාලා නිදා ගෙන උදේට උණු වතුරෙන් සබන් නොගා මූන සෝදාසුදු හඳුන් කුඩු මූනේ ගාන්න. මූන ලස්සන වේ.
Filed under වෙද හෙදකම් | Comment (0)ඉදි කටුවක් ගිලුනොත්
නියගලා අල
ඉඟුරු පියලි
අමු ඉඟුරු
මා වී හාල් බත්
රස්නෙන් එකට අඹරා ගෙන දකුණු කකුලේ මාපට ඇඟිල්ල ටිකක් පලා බේත තබා බැඳ කකුල සීතලයි කියන විට ලිහා දමන්න. කටුව ඇදේ.
Filed under වෙද හෙදකම් | Comment (0)